Tuesday, March 10, 2015

ඉන්දු වදනා විරිතට ලියූ කවි



ඉන්දු වදනා විරිත
− − − − − − − − − ᴗᴗ
ගු ගු ගු ගුගු




කන් කළුය මන් අහන සිත් බඳන .............ගීයා
සත් අතට මත් ලබන වින් දනය ...............වීයා
ගත් කනට ඉන් විඳින මන් පිනන ..........සේයා
රන් රසය  දැන් අගෙය පින් ඔබට ..........වේයා


සිත් පිනන රූ මවන ගස් කොලද ..........මැද්දේ
මී බඹර ගුම් නදින මල් කැකුළු .............වන්දේ
ගී ගයන කෝකිලෙකු දේ මියුරු ............සද්දේ
වී අතර මං හඬන පෙම් වතෙකු .............වින්දේ


සිත් තුටින මත් වතුර බී බමන .................ලීලා
ඇල් පවනෙ ගස් සෙවනෙ කෑ දෙයම ......දාලා
සන් තොසද ඒ සමග රන් ඩුවට ................දීලා
දැන් කුමට ඇල් වතුර නා සුවඳ ..............ගාලා

 ෴ශාන්ත විජයමාන්න෴

No comments:

Post a Comment