51. උනුවිලඹු ගී විරිත.
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 8 සහ 9 බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 බැගින්ද වේ.
(8, 11, 9, 11)
එළි සම කොට බැඳිය යුතුය.
සිතුවක් කෙරුමට
පෙරදි ටිකක් බලන්නට
ආයෙත් සිතන්නට
එය හරියට කරන්නට
කැලේ පිපෙන මල්
සුවඳ දේවී හැම කල්
ජලයෙන් පිරුන විල්
කරයි ගත හොඳින් සිසිල්
52.
ගජගාමී (ගජගැමි)
ගී විරිත.
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 8 සහ 11බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 බැගින්ද වේ.
(8, 11, 11, 11)
එළි සම කොට බැඳිය යුතුය.
අළුයම පිබිදෙන
ලිප ගිනි පළමු මොළවන
පසුව මිදුලද අමදින
අම්මාගෙ වැඩ අපමණ
53. මහ පියුම් විරිත.
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද වේ.
(9, 11, 9, 14)
එළි සම කොට බැඳිය යුතුය.
සිතට සිත බැඳිලා
හදට හද යාවීලා
ප්‍රේමයෙන් වෙලිලා
දිවිය ගෙවුවම සතුට පිරිලා
54. ගී (ගීති) විරිත
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 සහ 11 බැගින් ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 බැගින්ද වේ.
(9, 11, 11, 11)
මුළු මත් ගණන 42යි.
කවි මඩුව රසවත්
දුන්නේ අත්දැකීමක්
සහයෝගෙන්ම කවුරුත්
කළා නොවැ එය සුමිහිරි
55. පියුම් ගී
විරිත
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 8 බැගින් ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද වේ.
(8, 11, 8,
14)
මුළු මත් ගණන 41යි.
හිරු ඇවිත් උදෙන්
උදාවී නැවුම් දිනක්
මල් පිපී සොයයි
බඹරු තාම නොඑන කාරණා
විහඟ ගී ගයත්
පියඹමින්ම දස අතේ
මාළු පීනතී
අළුත් වරල් ඇවිල්ලා වගේ
සැවුල් හඬ ඇසේ
අවදිවනුව දැන් කියා
ලිප් ගිනි මෙලවේ
තේ උගුරක රසය මැවෙන්නා
සඳකඩ පහනේ
සිත්තරු මැවූ කැටයම්
උරුමය අපගේ
පෙන්වයි හොඳින්
ලොවට නිසිසේ
56. මත්වල ගී
විරිත.
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 8 සහ 13ක් බැගින්ද වේ.
(8, 8, 8, 13)
මුළු මත් ගණන 37යි.
අපගේ සිත්වල
කුහකකම් දුරැර
මෙත්සිත් වඩවා
සලකමු සැමට සමානවම
57. උමතු ගී
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින් ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 10 බැගින්ද වේ.
(9, 10, 9, 10)
මුළු මත් ගණන 38යි.
අහසේ පාව එයි
සුදු පුළුන් කැටි වලා
හිරුගේ රැස් වැසී
ගෙන දේවි සිසිලසක්
58. කව් ගී
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 සහ 10 බැගින් ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 10 සහ 11බැගින්ද වේ.
(9, 10, 10, 11)
මුළු මත් ගණන 40යි.
මල් පිපී දිලෙනා
බඹරුන්ගෙ ගුමු ගුමුව
විහඟ කැල පියාඹති
නැවුම් දිනයක් ඇවිදින්
59. බමර ගී
විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 8 සහ 10 බැගින් ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 13බැගින්ද වේ.
(8, 11, 10, 13)
මුළු මත් ගණන 42යි.
සවන පිනන ගී
ඇසුමට සැවොම කැමතී
දොඩන මිහිරි වදනක්
පිනවාවි සැමගෙ සිත් සතන්
ඉතාමත් වැදගත් ලිපි කීපයක්. ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි
ReplyDeleteඑල
ReplyDelete❤❤❤
ReplyDelete