Friday, February 27, 2015

හිස් අහසට මං ආසයි


ලොකු දෝණිට




ඉස්සර නුඹ පුංචි කාලෙ
සරොං තොටිල්ලට නැගලා
නැලවුනෙ නුඹ
මගෙ කවියට
කවදාවත්
සීය ඇවිත්
කිවුවද කියලා
කවියක්
රැඳිලා නැහැ
මගෙ මතකයෙ
තියෙනවාද
නුඹෙ මතකයෙ
මාත් ඉතින්
සීය උනොත්
ඒ වාගෙම ඉන්න ඕන
ආයෙ ඉතින්
මොකටද මං
කවි කිය කිය
කවි කිය කිය
නලවන්නේ
නුඹේ දරුව
දරුවාගේ තාත්තාට
බැරියෑ නොවැ
එය කරන්ට
ලස්සන කවියක් කියන්න
ගුවන් යානයක තියලා
ගුවනේ පාකර හරින්න.
@ ශාන්ත විජයමාන්න

Friday, February 20, 2015

අරුණ උදය



හිමිදිරියෙම අවදි වෙලා සිතේ සතුට වැඩි.........කරන්න
පිපෙනා මල් කැකුළු සුවඳ ගත පුරාම...........තවරගන්න
සියොතුන්ගේ ගී රාවය සවන් තුලට............වැළඳගන්න
හැමදාකම මං කැමතියි හිරු කුමරිය..............පරදවන්න
෴ශාන්ත විජයමාන්න෴

අරුණළු රන් කිරණ අරන් ගත දෙව් පිණි වියල...ගන්න
අත පය හෙමිහිට විහිදා සිනා වතින් සුවඳ...........දෙන්න
හිමිදිරියෙම නෙත් මානෙට සුන්දර දසුනක්......දෙවන්න
හැම දාකම මං ආසයි ඔබෙ මිදුලේ මලක්..........වෙන්න
෴ඉන්දු ලියනගේ෴

හිමිදිරියේ අවදිවෙලා සිතේ සතුට.....................පුරවගන්න
ආසයි මට නුඹත් එක්ක මේ විධියට කවි................ලියන්න
සියොතුන්ගේ ගී හඬ මැද ලස්සන මල් පිපී................එන්න
හිරු කුමරියි දිරිය දෙන්නෙ ඒ බව ඔබ සිතට.............ගන්න
෴සඳමාලි ජයසූරිය෴

ඈත එපිට කඳු අතරින් හිරු කුමරුන් එබී ........බලන
සීත සුළං රැල් පාවී ඇවිදින් රහසක් ...........කොඳුරන
ගීත කියන කුරුල්ලන් ගෙ ලස්සන ගී හඬ ....අහන්න
සීත උදේ හිමිදිරියෙ ම ආසයි මේ සිරි ...........විඳින්න
෴මැණිකේ එක්නැග්෴

හැඟුම් වස්සන සෙනේ කැන් ගෙන නුඹේ හදමත ..තබනවා
සිතුම් නදියට කිමිදිලා අපි සොඳුරු සිහිනම ...........මවනවා
පැතුම් මල් ඉති හිත දරාගෙන මද පවනෙ දඟ ........කරනවා
නැවුම් දිනකට උදා හිරු රැස් රන් කිරණ මෙන් ....දිලෙනවා
෴මාරි භාග්‍යා ප්‍රනාන්දු෴

අරුණලු වැද දිළි පිණි කැට මාල හදා ගෙලෙ........බඳින්න
පට සළු නැතුවට දිදුලන සමනළ තටු ගත.............ඔතන්න
වැහි කළු වක ඇඳෙන රිදී ඉරි ගෙන වරලස..........ගසන්න
හඳ පලු වේ නැගී මටත් හැකිවෙද ඔබවෙතට...........එන්න
෴සිරිමල් වේරගොඩ෴

පරසතු මල්


ආදරය


දුවකගෙ පැතුම


අත්ථකිලමතානු යෝගය


Thursday, February 5, 2015

වැස්ස කළ හදියක්



මුරුගසන් වරුසාව
මහ හඬින් ඇද වැටෙන
මේඝයේ ගිගුම් හ
මහ පොළොව දෙදරවන
නුඹ ඈත
මම මෑත
දෙපසක
දොඩනු බැරිව
ගොළුව ඇත
දුරකථන
රැහැන් ඇති
රැහැන් නැති
@ ශාන්ත විජයමාන්න