ඉපනැල්ලේ වෙල් එළියේ හෙමින් හෙමින්
ඇවිද..................යන්න
ඇල ඉවුරේ කුඹුක් හෙවනෙ නුඹේ උකුලෙ හිස
ති................යන්න
ගැබ්බර බඩ ඉරිඟු හේන ගිරවුන් ගෙන්
බේර........................ගන්න
එනවද නුඹ හේනෙ පැලට එළිවෙන තුරු කවි
කි..................යන්න
෴ශාන්ත විජයමාන්න෴
කල එළි කළ හේන පුරා දුව පැන ඔච්චම් ..........................කරන්න
ඉපනැල්ලේ ඇවිද ගිහින් කුඹුකෙ ලිඳෙන් දිය .....................නාන්න
එළි වෙන තුරු නුඹ කියනා කවි සීපද අහන් .........................ඉන්න
ආයෙ දිනක් එනතුරු මං ඉන්නේ යළි ගමට .........................එන්න

෴මැණිකේ එක්නැග්෴
හේන පැලේ නුඹෙ වස්දඬු රාවෙට කවියක් ......................කියන්න
ගේන හිනා මල් පොකුරක් හිඳ ඇස් පිල්ලමෙ...................ලිහන්න
පේන ඇලේ කුඹුකේ ලඟ පෙම් මදිරා විඳ..........................බලන්න
නේන සිතක් කොයි ගිරවුනි වෙල් එළියේ එමි....................දුවන්න

෴මුදු රේඛා෴
ඈත කන්දෙන් එපිට පාවෙන වලා පෙළකට අඩ .............ගසන්නම්
මෑත ඉඳගෙන හිතේ සිතුවිලි එකින් එක එහි ...............අතුරවන්නම්
සීත හිමගිරි අරණෙ සැඟවී ඔබේ කවි හඬ අසා ...................ඉන්නම්
දෝත පාලා හනික එනවද කන්ද පා මුල මා .....................හිඳින්නම්

෴මාරි භාග්‍යා ප්‍රනාන්දු෴
වැව් තලයේ දිය පහරේ පා ..........................දෝවන්න
කිරට නැමුණු ගොයමට නෙත් .....................හරවන්න
හේනේ කුරක්කන් මල් සුවඳට මත් .................වෙන්න
එනවා අයියණ්ඩි රස කවි ගී ........................ගොතන්න

෴සුදාරි දිසානායක෴
සාන්ත වස්දඬු රාවෙන් මගෙ දෙසවන පුරෝ...................ගන්න
හීන් සැරෙන් පිටු පස්සෙන් ඇවිත් දෙනෙත් වසා.............ලන්න
වාන් දමන සොරොව්ව ළඟ නටන මාළු බලන් ...............ඉන්න
කාන්සියෙන් මම ඉන්නව ඔබ එනතුරු හනික ................එන්න

෴සිරිමල් වේරගොඩ෴
සුන්දර සිහිනයකි හද තුල..................මැවෙන්නේ
නෙත්මිණ දකින දින හීනෙන්................පතන්නේ
පන්හිඳ පමණි තනියට ළඟ....................හිදින්නේ
මං ලඟ ඉන්න කවදද ඔබ .....................වඩින්නේ

෴ප්‍රියන්ති
හන්සමාලි෴
බන්ඩි ගොයම මුකුළු කලා අයියණ්ඩිගෙ කවි .......අහලා
දන්ඩි පැටව් වක්කඩ ලඟ විහිළු කරයි මා .............දැකලා
චන්ඩි කමට මලිති බටිති ගිරා රෑන හඬ ................නගලා
කන්ඩිය ලඟ වසු පැටියා දඟ කරනව දුව .............පැනලා
෴මාරි භාග්‍යා ප්‍රනාන්දු
෴
No comments:
Post a Comment