හිමිදිරියෙම
අවදි වෙලා සිතේ සතුට වැඩි.........කරන්න
පිපෙනා මල් කැකුළු සුවඳ ගත පුරාම...........තවරගන්න
සියොතුන්ගේ ගී රාවය සවන් තුලට............වැළඳගන්න
හැමදාකම මං කැමතියි හිරු කුමරිය..............පරදවන්න
෴ශාන්ත විජයමාන්න෴

අරුණළු රන් කිරණ අරන් ගත දෙව් පිණි වියල...ගන්න
අත පය හෙමිහිට විහිදා සිනා වතින් සුවඳ...........දෙන්න
හිමිදිරියෙම නෙත් මානෙට සුන්දර දසුනක්......දෙවන්න
හැම දාකම මං ආසයි ඔබෙ මිදුලේ මලක්..........වෙන්න

෴ඉන්දු ලියනගේ෴
හිමිදිරියේ
අවදිවෙලා සිතේ සතුට.....................පුරවගන්න
ආසයි
මට නුඹත් එක්ක මේ විධියට කවි................ලියන්න
සියොතුන්ගේ
ගී හඬ මැද ලස්සන මල් පිපී................එන්න
හිරු
කුමරියි දිරිය දෙන්නෙ ඒ බව ඔබ සිතට.............ගන්න
෴සඳමාලි
ජයසූරිය෴
ඈත එපිට කඳු අතරින් හිරු කුමරුන් එබී ........බලන
සීත සුළං රැල් පාවී ඇවිදින් රහසක් ...........කොඳුරන
ගීත කියන කුරුල්ලන් ගෙ ලස්සන ගී හඬ ....අහන්න
සීත උදේ හිමිදිරියෙ ම ආසයි මේ සිරි ...........විඳින්න

෴මැණිකේ එක්නැග්෴
හැඟුම් වස්සන සෙනේ කැන් ගෙන නුඹේ හදමත ..තබනවා
සිතුම් නදියට කිමිදිලා අපි සොඳුරු සිහිනම ...........මවනවා
පැතුම් මල් ඉති හිත දරාගෙන මද පවනෙ දඟ ........කරනවා
නැවුම් දිනකට උදා හිරු රැස් රන් කිරණ මෙන් ....දිලෙනවා

෴මාරි භාග්‍යා ප්‍රනාන්දු෴
අරුණලු වැද දිළි පිණි කැට මාල හදා ගෙලෙ........බඳින්න
පට සළු නැතුවට දිදුලන සමනළ තටු ගත.............ඔතන්න
වැහි කළු වක ඇඳෙන රිදී ඉරි ගෙන වරලස..........ගසන්න
හඳ පලු වේ නැගී මටත් හැකිවෙද ඔබවෙතට...........එන්න
෴සිරිමල් වේරගොඩ෴
No comments:
Post a Comment