ඉපනැල්ලේ වෙල් එළියේ හෙමින් හෙමින්
ඇවිද යන්න
ඇල ඉවුරේ කුඹුක් හෙවනෙ නුඹේ උකුලෙ හිස
ති යන්න
ගැබ්බර බඩ ඉරිඟු හේන ගිරවුන් ගෙන්
බේර ගන්න
එනවද නුඹ හේනෙ පැලට එළිවෙන තුරු කවි
කි යන්න
෴ශාවි෴
දුප්පත්කම ඉහ තියාන
ReplyDeleteබෑ නෙව හැන්දෑවෙ එන්න
දම්පාටින් බහිනා සඳ
එපා අනේ තරහා වෙන්න.
හිත දුප්පත් නැති හින්දා
Deleteහැකිවෙයි කවි පද බඳින්න
හිරු පිබිදෙන ඒ යාමෙට
හැකිවෙද කවිනද අහන්න
හීන් ඇහැට දුක අරගෙන
ReplyDeleteඑන්නම් මං හිනාවෙන්න
කවි කිය කිය එක දවසක්
ගං ඉවුරක ගෙවාගන්න