ඉස්සර නුඹ පුංචි කාලෙ
සරොං තොටිල්ලට නැගලා
නැලවුනෙ නුඹ
මගෙ කවියට
කවදාවත්
සීය ඇවිත්
කිවුවද කියලා
කවියක්
රැඳිලා නැහැ
මගෙ මතකයෙ
තියෙනවාද
නුඹෙ මතකයෙ
මාත් ඉතින්
සීය උනොත්
ඒ වාගෙම ඉන්න ඕන
ආයෙ ඉතින්
මොකටද මං
කවි කිය කිය
කවි කිය කිය
නලවන්නේ
නුඹේ දරුව
දරුවාගේ තාත්තාට
බැරියෑ නොවැ
එය කරන්ට
ලස්සන කවියක් කියන්න
ගුවන් යානයක තියලා
ගුවනේ පාකර හරින්න.
@ ශාන්ත විජයමාන්න
No comments:
Post a Comment