අපේ ගමේ ඉස්කෝලෙට
උදෙන්ම ගිය
බාලලියන්
ගම්මැද්දේ පාර
දිගේ
ආපසු එන්නා
ගෙදර යන්න වගක්
නැතුව
අයිස් පැකට් උරව
උරව
කැකිරි පලන්නා
අනේ ගමේ ඉස්කෝලේ
උගන්නන්නෙ නැතුව
වත්ද
නගරෙට යන අයට
වගේ
පිට කොන්දට
පොත් මල්ලෙන්
බරක් දැනෙන්නෑ
පැට්ටේරියෙ
රස්සාවක්
ඊට පස්සෙ දරු
පැටියෙක්
මහ ලොකුවට ඉගෙන
ගන්න
වගේ වගක් නෑ
පැට්ටේරියෙ
රස්සාවට
විභාග සහතික
කුමටද
අනාගතේ කුමක්
වෙයිද
හිතේ බරක් නෑ
© ශාන්ත විජයමාන්න
No comments:
Post a Comment