පුංචි කතන්දර කියනා
පුංචි සන්දියේ
හැමදාමත් හැන්දෑවට
සරොම් තොටිල්ලට පැනලා
පැද්දි පැද්දි
නැලවි නැලවි
හිනැහි හිනැහි
කවි කිවු හැටි
නුඹට මතක තියෙනවාද
නුඹ මගෙ ලොකු දුව වුනාම
නංගි නුඹේ තැන අරගෙන
සරොම් තොටිල්ලට පැනගෙන
පැද්දි පැද්දි නැලවෙනකොට
බෙරිහන් දී නුඹ ඇඬුවා
නුඹට මතක තියෙනවාද
නුඹේ ඔඩොක්කුව ඉල්ලා
නුඹ අම්මා කෙනෙක වෙලා
හෙට දවසේ ගෙදර ගෙනෙන
නුඹේ අපේ කිරි සිහිනේ
සරොම් තොටිල්ලට නැගලා
නැලවෙනකොට
පැද්දෙනකොට
ආයෙත් නුඹ අඬනවාද
ඔඩොක්කුවම ඉල්ල ඉල්ල
© ශාන්ත විජයමාන්න
This comment has been removed by the author.
ReplyDeleteඅප්පච්චිගෙ කවි අහන්න
ReplyDeleteඅපිට වරම් නැති හින්දා
හැන්දෑවට දොරමුල්ලේ
හැංගී අපි දුක් වින්දා
වෙරි නාගෙන
කෑ ගාගෙන
යක්සයොන්ව
දුටු හින්දා
පසු කාලෙක
කදුළ අරන්
මං තැන තැන
කවි ලිව්වා