රන් සළුවෙන් ගත සරසා
රන් කරඬුව පිට දරාන
පාවඩ මත පාද තබන
මඟුල් ඇතුගෙ නෙතේ කඳුළ
පෙනෙන්නෙ නෑ කාටවත්ම
විලංගුවට කැපෙන පාද
අමාරුවෙන් ඔසවනවා
ඇත් ගොව්වගෙ උල් පිහියට
කන ඉරනා අංකුසයට
බයෙන් බයෙන් බලන බැල්ම
දුකම කියනවා
අවිහිංසා මහත්තුරුන්
සුදු ඇඳගෙන දෙපසට වී
සාදු කියනවා
බුදු හාමුදුරුවො මේ කාලෙත්
වැඩ සිටියා නම්
මෙහෙම වෙන්නෙ නෑ
සංසාරේ එක දවසක
නුඹත් පවක් කරලා ඇති
නුඹ තාමත් පාවඩ මත
පාද තබනවා
මතු බුදු බව
ReplyDeleteලබාගන්න
දළඳා වරමක් ලැබෙන්න
පාවඩ මත
දෙපා තියා
ඇතුනේ
දිගටම වඩින්න.