Sunday, January 18, 2015

පිළිකාව ඩැහැගත් ඔහු වෙනුවෙන්



කිසිදින කඳුළක උණුසුම නොදුටුව
දෙනෙත් කෙවෙනි උණු කඳුළින් පුරවා
යන්න ගියා ඔහු යන්න ගියා
නොපෙනෙන ඈතක යන්න ගියා...........

ගතවුන අවුරුදු දෙකක් පුරාවට
ඔහුගේ උණුසුම රඳවා ගන්නට
මා දැරු වෑයම කඳුළක දියකර
නොසිතුව විලසින් යන්න ගියා...............

මොළකැටි දරුවන් මා හා තනිකර
මේ බවයෙදි යළි නොඑනා විලසින්
දෙනෙත් කෙවෙනි උණු කඳුළින් පුරවා
යන්න ගියා ඔහු යන්න ගියා
නොපෙනෙන ඈතක යන්න ගියා............
© ශාන්ත විජයමාන්න

1 comment:

  1. පිලිල
    ගස් මත ද
    හටගෙන
    කෙමෙන්
    අතු දිරාදමයි

    ReplyDelete