අන වින හදි
හූනියම්
ඇස්වහ කටවහ
සියළු දෝෂ
දූරිභූතවන්න
ගෙළ පැළඳි රන්
සුරය
නුඹට හූනියමක්
වෙලා
මළ ගෙදරක යන්නට බැහැ
රෙදි වැලකින්
රිංගනු බැහැ
රන් සුරය
රැකගන්න
නුඹ දරනා
වෙහෙසිල්ල
රන් සුරය ගෙයින්
තියල
රෙදි වැලෙන්
කෑල්ලක්
ගෙලේ පැළැන්දොත්
නරකද
නැති බංග වෙයි
සියළු දෝෂ
© ශාන්ත විජයමාන්න
මුලාවේ
ReplyDeleteඅසරණකමේ
එකම
නූගත්
සම්පත
හිත හදන
මගෙ සුරය
මුලාවෙන් මත්වෙලා
ReplyDeleteවෙලාගති සිත්පුරා
බුදුගුණය මුහුකුරා
යනු ඇයිද රැවටිලා
නුඹ නොදුටු ලොවපුරා
කොතැනකද ඉම අරා
පිසදමා නෙත්සලා
කෙවත කියනුව බලා