Wednesday, June 24, 2015

විරිත් 01



1."සුපිහිටි" ඡන්දසට අයත් "කඳ" විරිත.

මත් ගණන 10 කි.
විශේෂ ලඝු ගුරු භේදයක් නැත.
එම නිසා අපට කැමති පරිදි ලඝු හා ගුරු අකුරු භාවිත කිරීමට පුළුවන.
යතිය පාදාන්තයෙහිය.
සිවුපද නිසා එළිසම අත්‍යවශ්‍යයි.

මල් සුවඳ .......පැතිරිලා
කොවුලන්ද නද ...කළා
අවුරුද්ද ..........ඇවිල්ලා
රතිඤ්ඤා ........හැඬවිලා

නුඹ කොහෙද හැංගි.....ලා
මා මෙතන තනිවෙ......ලා
හිඳිමි දැන් මග බ.........ලා
කඳුළු නෙත් බරවෙ.....ලා


2."සුපිහිටි" ඡන්දසට අයත් "සෙවියත්සර" විරිත.

පිළිවෙලින් ""ගණය, ""ගණය, ගුරකින් සහ ලඝුවකින් විය යුතුය.
ද ගණය :- ල ගු ල
න ගණය :- ල ල ල − − −
එවිට මාත්‍රා ප්‍රස්තාරය එන්නේ මෙලෙසටය.
ල ගු ල ල ල ල ගු ල − − − −
සඳේ සිසිල ...........විඳින්න
මලේ සුවඳ ...........උරන්න
ගතේ වෙහෙස .....නිවන්න
ගඟේ ඉවුර ...........දකින්න

ලියාවි කව සිනාවි
බලාවි රස කරාවි
අගේට ඔප වැටේවි
ඔබේම දුව ප්‍රියාවි

සබේ ඔපය කරාවි
කදේ ගැනම සිතාවි
රඟන්න පෙර මුවාවි
ගයන්න වෙර දරාවි


3."සුපිහිටි" ඡන්දසට අයත් "තිරියත්සර" විරිත.

ළිවෙලින් ""ගණය, ""ගණය, සහ ""ගණය විය යුතුය.
යතිය පාදාන්තයෙහිය.
න ගණය :- ල ල ල − − − ද ගණය :- ල ගු ල
එවිට මාත්‍රා ප්‍රස්තාරය එන්නේ මෙලෙසටය.
ල ල ල ල ල ල ල ගු ල − − − − − − −

අනියත බව ....දැනෙන්න
පරවෙන මල .....දකින්න
බුදු හිමි ළඟ ........වඳින්න
පැතුම නැතුව .....සිතන්න

ගඟක ජලය .......ගලාවී
විහඟ නදද .......ඇසේවී
මලක පැහැය .පෙනේවී
සිතට සතුට ......දැනේවී

කුමරිය කොයි ......සිටිද්ද
ඇය වෙනතක ......බලද්ද
තව කවරෙකු ....සොයද්ද
මම තනියම ...........හිඳිද්ද

ගයන ගැයුම ....ගයන්න
නටන නැටුම ...නටන්න
මිහිරි සුවය .......විඳින්න
නුඹද හනික ....වරෙන්න

නෙතග කඳුළ ගලාවි
හිතට දුකම දැනේවි
සුසුම තුලම රැඳේවි
කෙළෙස ඉඳිමි සිනාවි


සතුට හදට දැනෙන්න
මිහිරි කවිය කියන්න
කවුද කැමති අහන්න
රසට හොඳට ගයන්න


2 comments:

  1. අගනා ලිපියක්, මට ද හැකිවිය දැණුම ලැබුමට, තුතිද පුනෙමි, සතුටු ‌සෙනෙ‌හෙන්

    ReplyDelete
  2. බොහොම වටින ලිපියක්..

    ReplyDelete