28. "රැඳි" ඡන්දසට අයත්
"කිඳුරුකෙළි" නම් විරිත.
මත් ගණන 18කි.
මත් 8කට පසුව ගුරක් යොදා එහිම යතිය තබා
නැවත මත් 4 කට පසුව ගුරු 2ක්
යෙදිය යුතුය.
එම නිසා මුල් මත් 8 සහ යතියෙන් පසුව එන මත් 4 අපට ලඝු ගුරු කැමති ලෙස යොදා ගැනීමට පුළුවන.
එම නිසා වඩාත් සුගායනීය බවක් ලැබෙන විලසට එම මත් යොදා
ගැනීමට අපට පුළුවන.
මුල් මත් 8 xxxxxxxx ලෙසත් යතියෙන් පසු එන මත් 4
xxxx ලෙසත් යතිය / මේ ලෙසත් පෙන්වනු ලැබුව හොත්
මාත්රා ප්රස්තාරය මෙලෙස දැක්විය හැකිය.
xxxxxxxx ᴗ / xxxx ᴗ ᴗ
මලක් පිපෙතිද
බලා - සඳ ..............සැඟවීලා
අරුණැල්ල
එළි සලා - ඵල ..............බරවීලා
හීතලක් ගත
වෙලා - මන් ...............මත්වීලා
ඇගෙ රුවට
ලොල් වෙලා - නෙතු .හිනැහීලා
හිරුගේ
එළියෙන්නේ - සඳ බබලන්නේ
සඳ මවු
වඩා සෙනේ - දරු නලවන්නේ
සොමිකැන්
සිසිලෙන්නේ - තරු හිනැහෙන්නේ
ඇය නැති
අහස අනේ - අඳුරෙ ගිලෙන්නේ
අරුණැල්ල
ඇවිල්ලා .... දවස උදාවී
පුළුන්
පෙනකැටි වලා .... අහසේ පාවී
නිල් ගගන
හැඩ විලා .... දෙනෙත පිනාවී
සියොතුන්
පියඹාලා .... ගීය ගයාවී
පුළුන්
පෙන කැටි වලා - මැඩ හිරු ඒවී
තරුත්
පරදවාලා - මල් සුපිපේවී
සියොත්
කැලද ගයලා - මන් මත් වේවී
නැවුම්
දිනක් ලබලා - ලොව පිබිදේවී
කවියෙකු
පබඳින කව් - රස විඳිමින්නේ
සිටිනු හැර වෙනත් දේ - ගැන නොසිතන්නේ
වපරැසින් බලන උන් - දෙස නොබලන්නේ
හිතට එන නිමිත්තෙන් - කවි ලියවෙන්නේ
29 . "රැඳි" ඡන්දසට අයත්
"සමුදුරුගොස්" නම් විරිත.
පාදයක මත් ගණන 18කි.
මත් 10 කින් හා මත් 8කින් පසුව (පාදාන්තයේ) යතිය තැබිය යුතුය.
එම නිසා අපට ලඝු ගුරු කැමති ලෙස යොදා ගැනීමට නිදහස තිබේ.
අහසේ පිය සලනා - වැහි කුරුල්ලනේ
කොයිබින් හරි
වැස්සක් - ගෙනෙනවද අනේ
පුරන් කොටා ඉවරයි - පෑවිල්ල දැනේ
හැමෝම මග බලන්නෙ - දෙසයි නුඹෙ සෙනේ
30.
"රවුළු" නම් ඡන්දසට අයත් "නරඟරඟ" නම් විරිත.
පාදයක මත් ගණන 19කි.
මත් 9 කින් සහ නැවත මත් 10 කින් පසුව යතිය තැබිය යුතුය
විශේෂ ගුරු ලඝු භේදයක් නැත.
එම නිසා අපට ලඝු ගුරු කැමති ලෙස යොදා ගැනීමට නිදහස තිබේ.
සැක බිය නොමැතිවම - අනුනගෙ කුණු හොයතී
විටෙකදි දොස් සොයා - අනුනට ගතු කියතී
මිතුදමද නොතකා - අපහාසත් කරතී
කුමටද මෙමිතුදම් - අත්හැරුමයි සුගතී
31. "රවුළු"
නම් ඡන්දසට අයත් "මිණිරිළු"
නම් විරිත.
පාදයක මත් ගණන 19කි
පාදයක් පිළිවෙළින් "න" ගණ, "ස" ගණ, "න" ගණ "ර"
ගණ සහ ගුරු දෙකකින් විය යුතුය. "ස" ගණයෙන් අනතුරුව විරාමය තැබිය යුතුය.
න ගණය :- ල ල ල − − −
ස ගණය :- ල ල ගු − − ᴗ
ර ගණය :- ගු ල ගු ᴗ − ᴗ
ස ගණය :- ල ල ගු − − ᴗ
ර ගණය :- ගු ල ගු ᴗ − ᴗ
ඒ අනුව මාත්රා ප්රස්තාරය එන්නේ මෙසේය.
− − − − − ᴗ / − − − ᴗ − ᴗ ᴗ ᴗ
- වැසි වසින්න
පේවෙන්නේ
ගලන ගඟකී - දහ නිවන්න නාගන්නේ
පිපෙන මලකී - පිරෙන රොන්
නැගෙන හිරුගේ - එළියදෝ මෙ
32. "රවුළු"
නම් ඡන්දසට අයත් "නලහව්"
නම් විරිත.
පාදයක මත් ගණන 20 කි.
මුල් මත් පහළොවෙහි විශේෂ ගුරු ලඝු භේදයක් නැත, නමුත් පාදාන්තය "ය" ගණයකින්කෙළවර විය යුතුය.
මත් 9 කට පසුව යතිය තැබිය යුතුය.
මත් 9 කට පසුව යතිය තැබිය යුතුය.
ය ගණය :- ල ගු ගු − ᴗ ᴗ
එම නිසා අපට මුල් මත් 15 ලඝු ගුරු
කැමති ලෙස යොදා ගැනීමට නිදහස තිබේ.
මුල් මත් 15 xxxxxxxxxxxxxxx ලෙසට සහ යතිය /
ලෙසට යෙදුව හොත් මාත්රා ප්රස්තාරය මෙලෙස දැක්වීමට පුළුවන.
xxxxxxxxx / xxxxxx −ᴗᴗ
දේදුන්න පායල - දුර අහසේ දිලෙන්නේ
සීතල වැහි බින්දු - හෙමින් හෙමින් වැටෙන්නේ
ආදරෙන් තුරුල්ව - පෙම් යුවළක් ඇදෙන්නේ
ලෝකයට වහන්ව - කියාලදෝ සිතෙන්නේ
මිතුදම් පවතින්නෙ - විශ්වාසය රැඳේනම්
එය ගිලිහි යන්නේ - මිතුරන් දොස් සොයත්නම්
නැහැ එලෙස වන්නේ - තම වරදද දකිත්නම්
සිටිය හැකි සතුටින් - අනුන්ගැන නොසොයත්නම්
33
. "රවුළු" නම් ඡන්දසට අයත්"වියන්" විරිත
මෙම
විරිත
සඳහා
මාත්රා 20ක් පමණක් තිබිය යුතුය
විශේෂ ලඝු ගුරු නියමයක් නැත.
එම නිසා අපට සිතැඟි පරිදි මාත්රා ගණන 20ක් වන පරිදි ලඝු හා ගුරු අකුරු භාවිත
කළ හැකිය.
යතිය පාදාන්තයේය.
යහළුවො වාගේ හිටියට කුහක කම .............දරන්
කටුව ඇද්ද නිසා ගිහින් සතුට හොරු ...........අරන්
තමන් කරපු වැරැද්ද තව නැත්තෙ පිළි ..........අරන්
මැණික් කැටේ දිස්නෙ දේවි ගොමද යට ......කරන්
34. "තෙනෙත්" නම් ඡන්දසට අයත් "තුරඟරඟ" නම් විරිත.
පාදයක මත් ගණන 21 කි.
පාදයක් පිළිවෙළින් "න" ගණ, "ය" ගණ, "ය" ගණ ,"න" ගණ ,"ය" ගණ වෙයි
න ගණය :- ල ල ල − − − ය ගණය :- ල ගු ගු − ᴗ ᴗ
ඒ අනුව මාත්රා ප්රස්තාරය මෙසේය. − − − − ᴗ ᴗ / − ᴗ ᴗ / − − − − ᴗ ᴗ
සතුට ගෙනාවේ - සිනාසී - කවි ලියන්නයි
පාදයක මත් ගණන 22 කි.
මත් 10 න් හා පසුව මත් 6 න් 6 ට යතිය සහ එළිසමය තැබිය යුතු ය.
මෙහි එළිසම ස්ථාන 3ක් ඇති බව මතක තබා ගන්න.
ඔබෙ හිත මගෙයි කියා - හැමදාමත් - කිවුවෙ ඔයා
මා හට පෑවෙ දයා - ගතු කිවුවත් - කෙතෙක් එයා
දැන් කොහි ගියෙද මෙයා - රහසින්වත් - කවක් ලියා
ලස්සන කවිය ගයා - ඉමු දැන්වත් - නේද ප්රියා
No comments:
Post a Comment