Wednesday, June 24, 2015

විරිත් 03



8. "උතු" නම් ඡන්දසට අයත් බිඟු වෙණ විරිත. (භෘඞග වීණා විරිත)
"ස" ගණ 3 කින් විය යුතුයි.
යතිය පාදාන්තයේය
ල ල ගු  ල ල ගු  ල ල ගු
− −  − −  − −
අහසේ සරමින් ............සොඳිනේ
එතෙරත් මෙතෙරත් .......ගමනේ
උකුසෙක් ලෙසටයි ......පෙනුනේ
මොණරෙක් සිතුවම් ....කෙරුනේ


9. "උතු" නම් ඡන්දසට අයත් වසත් විරිත.

පාදයක මත් ගණන 12කි.
පාදාන්තය (පාදයක අවසන් අකුර) ගුරක් නොවිය යුතුය.
කොමළ පදයෙන් බැඳිය යුතුය
මත් 6න් 6ට යතිය තැබිය යුතුය.
මෙහිදී අවසන් අකුර හැර අන් අකුරු සඳහා ලඝු හා ගුරු අපට කැමැති ලෙස ගැනීමට පුළුවන.

හිරු කුමරුන් - සැඟවුනා.......ද
මලිති බටිති - දැන්කොහේ.....ද
බකමූණෙක් - නිදි කිරා.........ද
තවමත් සඳ - නොආවා..........ද


10. "ත්‍රිෂ්ටුප්" නම් ඡන්දසට අයත් "ඉන්ද්‍රවජ්‍රා" විරිත

මෙය සංස්කෘත කවින් විසින් භාවිත කරන ලද සුප්‍රකට විරිතකි. වෘත්ත රත්නාකරයේ මෙම විරිත ගැන මෙසේ සඳහන් වේ.
"ස්‍යාදින්ද්‍රවජ්‍රා යදි තෞ ජගෞ ගඃ"
"ත" ගණය දෙවරක්ද "ජ" ගණය සහ ගුරු 2ක් යෙදීමෙන් මෙම විරිත සෑදේ
යතිය පාදාන්තයේය.
ත ගණය  :- ගු ගු ල  
ජ ගණය  :- ල ගු ල    −
එවිට මාත්‍රා ප්‍රස්තාරය එන්නේ මේ ලෙසටය.
−  −  − − 
ගු ගු ල ගු ගු ල ල ගු ල ගු ගු
එළු සිලෝවක් බැවින් එළිසම කිරීම අත්‍යාවශ්‍ය නොවේ.
එළිසම ඇතිව ලිවීමෙන් මෙය සිවුපද විරිතක් ලෙසද භාවිත කළ හැකිය.

ගංහෝ ගලන්නේ සයුරක් බලාවේ
පීනාවි මාළුන් උඩු ගං බලා දැන්
ඇයිදෝ ඉතින් මේ වෙහෙසක් දරන්නේ
පාවී ගියා නම් වෙරළක් දකියිනේ

පෑයූ සඳත් නෑ වැහිලා වලාවෙන්
රෑ පායනා මේ තරුවෙන් පලක් නෑ
බෑ නේ දිලෙන්නත් අඳුරයි දකින්නේ
කිම්දෝ කරන්නේ ගන අන්ධකාරේ


11. "උතු" ඡන්දසට අයත් "වෙහෙලුලැඟි" විරිත.

මෙම විරිත සඳහා මාත්‍රා 12කි.
විශේෂ ලඝු ගුරු නියමයක් නැත.
යතිය පාදාන්තයේය.

වෙසක් පොහොය ළඟ එන.....වා
කූඩු වලින් සරසන..................වා
දන්සල් පිළියෙල වෙන...........වා
සාදු කාර හඬ දෙන.................වා

පිපෙනා මල් සුවඳ .....ගන්න
විහඟුන්ගේ හඬ ......අහන්න
ජල පහරක සිරි .......විඳින්න
පරිසරයට පෙම් ......කරන්න


12."සෙල්" නම් ඡන්දසට අයත් "නළු ගාහ" විරිත.

පාදයක මත් ගණන 14කි.
මත් 4කට පසුව ගුරක් යොදා එහිම යතිය වේ.
නැවත මත් 4කට පසුව යෙදෙන ගුරු 2කින් අන්තයේ යතිය තැබිය යුතුයි.

කළු මැණිකේ - ඇයි ඔරව.....න්නේ
සුදු බණ්ඩේ - මග නවති........න්නේ
දෙදෙනමදෝ - එක දොහ ය..න්නේ
කවුරුන්දෝ - ඉක්මන් වෙ....න්නේ


13. "සෙල්" නම් ඡන්දසට අයත් කනීල් විරිත.

පාදයක මත් ගණන 14කි.
මත් 5කට පසුව පිළිවෙලින් "බ" සහ "ය" ගණ විය යුතුයි.
"බ" ගණයේ මුල් ගුරට පසුව එනම් මත් 7කින් යතිය තැබිය යුතුය.
"බ" ගණය  :- ගු ල ල   − −
"ය" ගණය  :- ල ගු ගු     
මුල් මාත්‍රා 5 xxxxx ලෙස පෙන්වුව ලැබුව හොත්
එවිට මාත්‍රා ප්‍රස්තාරය මෙසේ වේ.
xxxxx − − −

ගොතන කවකින් - සිත ...පිනන්නේ
සොඳුරු සිතකින් - බවද .......දන්නේ
නපුරු හදකින් - මෙය ...නොදන්නේ
කවර පවකින් - වෙද ........සිතන්නේ

සොඳුරු සිතකින් - පෙමට රිස්සේ
ගොතන කවකින් - මතක ඔස්සේ
රසය පිරුනෙන් - හදට ....සිත්සේ
දුවනු සතුටින් - ඔහුගෙ .....පස්සේ

No comments:

Post a Comment