Thursday, June 25, 2015

විරිත් 05



20."ගජ" නම් ඡන්දසට අයත් සක්වා (චක්‍රවාක) විරිත

පාදයක මත් ගණන 16කි.
මෙහිදී මාත්‍රා 7කින් පසුව ගුරක් සහ ලඝුවක් යොදා යතිය තබා ඉන් පසු නැවත මාත්‍රා 3කින් පසුව ගුරක් හා ලඝුවක් යෙදේ.
ඒ අනුව මුල් මාත්‍රා 7 සහ යතියෙන් පසු මාත්‍රා 3 අපට සිතැඟි ලෙස යොදා ගැනිමට පුළුවන.

විසල් වනය පුරාම - වැසි වසීවි
හැම ගස් කිනිත්තේම  - මල් පිපේවි
පරිසරය සැබවින්ම - සුවඳ දේවි
අතු ඉතිද බරවෙන්න - ඵල දරාවි


21.  "ගජ" නම් ඡන්දසට අයත්"පෙද" (පදක) විරිත.

මෙය ඉතා පහසු විරිතකි.
මත් ගණන 16 කි.
මත් 4න් 4 යතිය යෙදේ.
විශේෂ ලඝු ගුරු නියමයක් නැත.

පොහොයට කවුරුත් පන්සල් ...යන්නේ
බුදුහිමි දෙසුබන සිහියට ............එන්නේ
මනසට සුවයක් ඉන් ලැබ ........දෙන්නේ
නිවනට යනමග හෙළිකර .........ගන්නේ

අදවන් දවසක රණවිරු ...........හමුදා
යුදවැද සිරිලක සතුරන් ............පරදා
ලොවටම පෙන්වූ දස්කම් ........එමදා
අපහැම සිහිකළ යුතුවෙමු ......සැමදා


22. "ගජ" නම් ඡන්දසට අයත් "ලිය කේලි" විරිත

මත් ගණන 16 කි
පිළිවෙළින් පාදයක් "" ගණ දෙකකින් "" ගණයකින් නැවත "" ගණයකින් පසුව ලඝු ගුරු දෙකකින් විය යුතුයි.
මත් 8න් 8ට යතිය යෙදේ.
න ගණය :- ල ල ල − − − බ ගණය :- ගු ල ල − −
ඒ අනුව මාත්‍රා සටහන පහත පරිදි වේ.
 − − − − − − − − − − − −

සවනට ඇහෙනා - කවියක එතිලා
රසයට සොබනා - ගැඹුරක ගිලිලා
මහදට වදිනා - සිතුමක රැඳිලා
ගැයුමට හිතෙනා - අයුරක වෙලිලා


23. "ගජ" නම් ඡන්දසට අයත් "තෝටක" විරිත.
මත් ගණන 16
පාදයක් "ස" ගණ 4කින් විය යුතුය.
"ස" ගණය − −
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය පහත පරිදි වේ.
− − − − − − − −

මලකින් ඉගිලී බඹරෙක් ..............පියඹයි
තවමල් සොයලා රවුමක් ..........ගසතෙයි
බඹරුන් කොහොමත් හැමදා .....එහෙමයි
කුසුමෙන් හමනා සුවඳත් ...........විඳිතෙයි


24. "ගජ" නම් ඡන්දසට අයත් "තරඟවැල" විරිත

පාදයක මත් ගණන 16 කි.
පාදයක් පිළිවෙළින් "බ' ගණ තුනකින් හා ගුරු දෙකකින් විය යුතුයි.
යතිය පාදාන්තයේ වෙයි.
බ ගණය :- ගු ල ල − −
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය මෙසේ විය යුතුයි.
− − − − − −

කෝකිල කූජන නාදය .............වාගේ
ඈත ලොවින් එන ගීහඬ ..........කාගේ
සුන්දර තාලෙට කන්කළු .........රාගේ
කිංකිණි නන්වන පෙම්බර........ඈගේ

මීන නුවන් යුග බැල්ම අගෙයිනේ
පීන පයෝධර හංස විලස්නේ
පාන රැඟුම් මන බන්ද ලෙසයිනේ
මානස විල්තෙර  ලන්දු හැඩයිනේ


25.   "ගජ" නම් ඡන්දසට අයත් "දෙව්ගීගාහ" නම් විරිත
පාදයක මත් ගණන 16 කි.
පිළිවෙළින් පාදයක් "ස" ගණයකින් මත් 4 කින් "න" ගණයකින් හා "ය" ගණයකින් විය යුතුයි.
"ස" ගණයෙන් පසුව එන මත් 4 අවසන යතිය තැබිය යුතුයි.
ස ගණය :- ල ල ගු − −
න ගණය :- ල ල ල − − −
ය ගණය :- ල ගු ගු
මෙහිදී "" ගණයෙන් පසු මත් 4 කැමති පරිදි ලඝු හා ගුරු භාවිත කළ හැක.

ගමනේ හැමදින - යෙදෙමින ඉන්නේ
කවදා දිනයක - නැවතුම ලන්නේ
දිවියේ අරමුණ - නැහැ අඳුනන්නේ
කෙළෙසේ සසරින - එගොඩට යන්නේ


26. ."රැඳි" ඡන්දසට අයත් "මුවරදද" නම් විරිත

පාදයක මත් ගණන 18කි.
"න"ගණ දෙකකට පසුව පිළිවෙළින් ලඝුවක් ද ගුරක් ද ගුරෙන් පසුව යතිය ද තබා නැවත "ස" ගණය ද "ර" ගණයද යෙදිය යුතුය
"න" ගණය :- ල ල ල − − −
 "ස" ගණය :- ල ල ගු − −
 "ර" ගණය :- ගු ල ගු
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය පහත පරිදි වේ.
− − − − − − − / − −

සවනට එන ගලා - මිහිරක් දේ මනා
පදවැල ලියවිලා - පිනවයි සිත් දනා
රසයද සැඟවිලා - සිදුවේ මන් පිනා
හිතයට කිමිදිලා - සෙවුවේ ඒ සිනා

සිහිනෙක දුටු රුවක් - මනසේ පාවෙනා
හදවත පිපි මලක් - සතුටින් පීදෙනා
හිරු කුමරුගෙ මුවින් - ගැයෙනා ගායනා   
සඳ කුමරියට වේ - අහසේ පායනා


27. "රැඳි" ඡන්දසට අයත් "බහසුරුවිදඹ" නම් විරිත.

මත් ගණන 18කි.
මත් 8කින් පසුව ගුරු 2ක් යොදා යතිය තබා ස ගණයක් හා ඉන් පසුව ගුරක් ද යෙදිය යුතුය.
මත් 8කින් පසුව ගුරු 2ක් යොදා යතිය තබා ස ගණයක් හා ඉන් පසුව ගුරක් ද යෙදිය යුතුය.
එම නිසා මුල් මත් 8 අපට ලඝු ගුරු කැමති ලෙස යොදා ගැනීමට පුළුවන.
එම නිසා වඩාත් සුගායනීය බවක් ලැබෙන විලසට එම මත් යොදා ගැනීමට අපට පුළුවන.
"ස" ගණය :- ල ල ගු − −
මුල් මත් 8 xxxxxxxx ලෙස හා යතිය / මේ ලෙස පෙන්වනු ලැබුව හොත් මාත්‍රා ප්‍රස්තාරය මෙලෙස දැක්විය හැකිය.
xxxxxxxx ᴗᴗ / − −

මලක් පිපෙන්නට වාගේ - සැරසෙන්නේ
බඹරෙකු මල වට නේදෝ - පියඹන්නේ
රොන් අරගත් බඹරින්දූ - ඉගිලෙන්නේ
මල ඒ දෙස බල මින්නේ - ඉකිලන්නේ

No comments:

Post a Comment