4."සුපිහිටි"
ඡන්දසට අයත් "සසපුලුතු" විරිත.
පාදයක මත් ගණන 10 කි.
පිළිවෙලින් "ද"ගණය, "බ"ගණය, සහ සහ මත් දෙකකින් (ගුරකින් හෝ ලඝු දෙකකින්) වන සේ කොමල පදයෙන් බැඳිය
යුතුය.
ද ගණය :- ල ගු
ල − ᴗ
−
බ ගණය :- ගු ල
ල ᴗ − −
එවිට මාත්රා ප්රස්තාරය
එන්නේ මේ ලෙසටය
− ᴗ − ᴗ − − ᴗ
හෝ
− ᴗ − ᴗ − − − −
ලෙසට වේ.
ගයන්නකෝ ....ගැයුමක්
රඟන්නකෝ .....රැඟුමක්
ලියන්නකෝ .....සිතුමක්
කියන්නකෝ ....කවියක්
සිසිල් සුළං .............හමනා
මලින් පිරී ............තිබෙනා
නොයෙක් දසුන් .....මවනා
නොයෙක් ගැයුම් ...ගයනා
5."උතු" නම් ඡන්දසට
අයත් බුජඟයා විරිත.
පිළිවෙලින් "ස" "න" හා
"ද" ගණ වලින් යුක්ත වේ.
මත් 5කින් (එනම් "න" ගණයේ මුල් ලඝුවෙන්) පසුව
යතිය තැබිය යුතුයි.
"ස" ගණය :- ල ල ගු − − ᴗ
"න" ගණය :- ල ල ල − − −
"ද" ගණය :- ල ගු ල − ᴗ −
ඒ අනුව මාත්රා ප්රස්තාරය පහත පරිදි වේ.
− − ᴗ −, − − − ᴗ − පරිදි වේ.
යති ස්ථානය කොමාවකින් පෙන්වා ඇත.
"න" ගණය :- ල ල ල − − −
"ද" ගණය :- ල ගු ල − ᴗ −
ඒ අනුව මාත්රා ප්රස්තාරය පහත පරිදි වේ.
− − ᴗ −, − − − ᴗ − පරිදි වේ.
යති ස්ථානය කොමාවකින් පෙන්වා ඇත.
සුවයෙන්ම ඔබ ........සිටින්න
සතුටින්ම කල ........ගෙවන්න
හිනැහෙන්න මුව ...දිලෙන්න
පුළුවන්නෙ කවි .......ලියන්න
හැමදාම ඔබ .......දකින්න
හැකිනේද මට ....කියන්න
දවසේම ළඟ ........හිඳින්න
පනවාගෙ නුඹ ....රකින්න
6. "උතු" නම් ඡන්දසට අයත් අරී විරිත (ආර්යා විරිත).
පිළිවෙලින් "න", "න" හා "බ" ගණ
වලින් හා නැවත ගුරකින් යුක්තවේ.
යතිය පාදාන්තයේය.
න ගණය :- ල ල ල
− − −
බ ගණය :- ගු ල
ල ᴗ − −
ඒ අනුව මාත්රා ප්රස්තාරය පහත පරිදි වේ.
− − − − −
− ᴗ− − ᴗ
ගිමන නිවන හල් ....ඇසුරේ
සතුට ගලන සිත් ......අතරේ
බුබුළු දමන රන් .......දියරේ
රුසිරු ළඳක රූ .......විසිරේ
හිතක ඇඳුන හීන ......මලක්
නෙතට සතුට ගේන ..රුවක්
හදට නිතින යාවු .........හදක්
සිනහ පිරුණු කෝල ...ළඳක්
7. ."උතු" නම්
ඡන්දසට අයත් "මින් ගති" විරිත
පාදයක මත් ගණන 12කි.
මත් 6 කට පසුව ගුරු 3ක් යෙදිය
යුතුය
එම නිසා මුල් මත් 6 අප කැමති
විධියකට යොදා ගැනීමට පුළුවනි.
අහසෙ ඈත
..........පායන්නේ
කොයිබින්දෝ මේ .....එන්නේ
හිරු පිටුපා ගත් .........වැන්නේ
ලස්සනයිනෙ ........දේදුන්නේ
දුර අහසේ .....පායාලා
සඳ කුමරිය ....පේවීලා
තරු පෙරහර ...සෑදීලා
කඩුපුල් මල් .....පීදීලා
No comments:
Post a Comment