Thursday, June 25, 2015

විරිත් 04



14. "ත්‍රිෂ්ටුප්" නම් ඡන්දසට අයත් "උපෙන්ද්‍රවජ්‍රා" විරිත

මෙය සංස්කෘත කවින් විසින් භාවිත කරන ලද සුප්‍රකට විරිතකි. වෘත්ත රත්නාකරයේ මෙම විරිත ගැන මෙසේ සඳහන් වේ.
"උපෙන්ද්‍රවජ්‍රා ජනජාස්තතෝ ගෞ"
"ජ" ගණය "ත" ගණය "ජ" ගණය සහ ගුරු 2ක් යෙදීමෙන් මෙම විරිත සෑදේ
යතිය පාදාන්තයේය.
ජ ගණය  :- ල ගු ල    −
ත ගණය  :- ගු ගු ල  
එවිට මාත්‍රා ප්‍රස්තාරය එන්නේ මේ ලෙසටය.
−  −  − − 
ල ගු ල ගු ගු ල ල ගු ල ගු ගු
එළු සිලෝවක් බැවින් එළිසම කිරීම අත්‍යාවශ්‍ය නොවේ.
එළිසම ඇතිව ලිවීමෙන් මෙය සිවුපද විරිතක් ලෙසද භාවිත කළ හැකිය.

−  −  − − 

පවන් රොදක්දෝ දුර පාව එන්නේ
නිවීල යයිදෝ ඇඟ රස්නෙ දැන්වත්
තවත් බොහෝකල් මෙලෙසින්ම වේදෝ
වහියිද සිත්සේ කවුරුන්ද දන්නේ


15. සෙල් නම් ඡන්දසට අයත් මිණි මල් විරිත.

මාත්‍රා ගණන 14කි.
මාත්‍රා 8කින් සහ නැවත මාත්‍රා 6කින් යතිය යෙදේ.
ලඝු ගුරු නියමයක් නැති නිසා අපට සිතැඟි ලෙස ලඝු ගුරු යොදා ගත හැකිය

හිරුටත් පළමුව - අවදි වෙලා
ලිප ගිනි මොළවා - දිය ඇදලා
මව කළ මෙහෙවර - කුස නොබලා
සිහි වන විට එයි - කඳුළු ගලා


16. "ගජ" නම් ඡන්දසට අයත් "සදුල්කෙළි" නම් විරිත.

පාදයක මත් ගණන 15කි.
මත් 10 කින් යතිය තැබිය යුතුයි.
විශේෂ ලඝු ගුරු නියමයක් නැත.

ගලකින් පහළට පැන - ගලෙක වැද
වලාකැටි පෙළක් වන් - පෙන විහිද
සොබාදම් දිනිතියගෙ - මන බැන්ද
බලන් හැඩ ගඟ ගලන - වනය මැද


17. "සෙල්" නම් ඡන්දසට අයත් "මිණිපොකුරු" විරිත.
මෙහිදී "න" ගණ 4ක් සහ ඉන් පසුව ගුරු අකුරක් යොදා ගනී.
මාත්‍රා 7න් 7ට යතිය යෙදේ.
න ගණය :- ල ල ල − − −
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය එන්නේ මේ ලෙසටයි.
− − − − − − − / − − − − −
ල ල ල ල ල ල ල / ල ල ල ල ල ගු

මතක පොතෙ ඔබෙ - අරුත සොයලා
ගෙතුව පද වැල - නොමැත මැකිලා
ඔහුගෙ හිත ඔබ - වෙතම බැඳිලා
හැරුනෙ ඇයි ඔබ - ඔහු පසෙක ලා


18."ගජ" නම් ඡන්දසට අයත් "දියකේලි" නම් විරිත.

පාදයක මත් ගණන 15කි.
එක් පාදයක් පිළිවෙළින් ලඝු සයකින් "ද" ගණයෙන්, "න" ගණයෙන් සහ ගුරකින් වියයුතුයි.
අටවැනි අකුරෙන් එනම් ද ගණයේ මැද ගුරෙන් පසුව යතිය තැබිය යුතුයි.
"ද" ගණය :- ල ගු ල − "න" ගණය :- ල ල ල − − −
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය පහත පරිදි වේ.
− − − − − − −,− − − −

රුවක මහිම පෙනේ - වසඟ වෙලා
මලක මෙලෙක දැනේ - සලිත වෙලා
සතුට මවන ඇගේ - ළඟට වෙලා
හිඳිනු කවුද අනේ - සිනහ සලා


19. "ගජ" නම් ඡන්දසට අයත් "දොඹ" නම් විරිත.

පාදයක මත් ගණන 15කි.
මත් 10කට පසුව ලඝුවක් යොදා එහි යතිය තබා නැවත මත් 3කට පසුව ලඝුවක් වනසේ පාදාන්ත යතිය විය යුතුයි.
මේ අනුව මුල්ම මත් 10 සහ යතියෙන් පසු මත් 3 විශේෂ ලඝු ගුරු භේදයක් නැත.
අපට කැමති ලෙස ලඝු ගුරු යොදා ගැනීමට පුළුවන.

කදිමට සේලය ඇන්ද - ඉණවට
තැලිපිළි පලඳා නළල - හැඩකොට
මල් කළඹක් ගෙන දෙඅත - මැදිකොට
ඇය පා නගන අයුරුව - මොනවට

No comments:

Post a Comment