36. "තෙනෙත්" නම් ඡන්දසට අයත් "කමලා" නම් විරිත.
පාදයක මත් ගණන 22 කි.
පාදයක් පිළිවෙළින් "ස" ගණය,
"න" ගණය, "ද" ගණය, "න" ගණය, "බ" ගණය සහ "ස" ගණය වෙයි.
මත් 6 න් 6 ට
යතිය විය යුතු ය.
ස ගණය :- ල ල ගු
− − ᴗ න ගණය :- ල ල ල
− − − ජ ගණය :- ල ගු ල
− ᴗ − බ ගණය
:- ගු ල ල ᴗ − −
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය මෙලෙස විය යුතුය.
− − ᴗ − − / − − ᴗ − − / − − ᴗ − − / − − ᴗ
සතුටින් අද -
ලියනා කවි - රසයෙන්මද - අගනේ
පොරණේසිට -
ලියවීඇති - විරිතක්ගැන - ලිවුනේ
කවුරුන් වද -
පිරියෙන්මය - පදවැල්හැම - ගෙතුනේ
සොයුරන්කැළ -
පවුලක් වැනි - යදමක් මෙනි - එතුනේ
37. "තෙනෙත්" නම් ඡන්දසට අයත් "සෝදෑමිණි" නම් විරිත.
පාදයක මත් ගණන 22කි.
මුල් මත් 17 හි විශේෂ ගුරු ලඝු නැති අතර පාදන්තය "ය" ගණයෙන් අවසන් විය යුතුය.
යති නියමයක් නැත.
ය ගණය :- ල ගු ගු
− ᴗ ᴗ
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය පහත පරිදි වේ. xxxxxxxxxxxxxxxxx − ᴗ ᴗ
අද ආයෙත් සිරි සිරි ගා වැහි පොද නොවැ .....එන්නේ
වියළෙන්නට වැනු රෙදි ටික ඉක්මනටම ......ගන්නේ
පොල් අතුවල අග්ගිස් හෙම කුස්සියටම ........යන්නේ
කඩිමුඩියේ කලගෙඩියට වතුරද පුර...............වන්නේ
38. "තෙනෙත්"
නම් ඡන්දසට අයත්"දිගෝවිලි"
විරිත.
මෙම විරිත
සඳහා මාත්‍රා 22 ක් තිබිය යුතුය.
විශේෂ ලඝු
ගුරු නියමයක් නැත.
එම නිසා අපට
සිතැඟි පරිදි මාත්‍රා ගණන 22ක් වන පරිදි ලඝු හා ගුරු අකුරු භාවිත කළ හැකිය.
සවන පිනන සුමිහිරි නද වනය තුලින් ................ඇසුනා
පවන හෙමින හමා ඇවිත් ගතතේ වෙහෙස ........නිවුනා
ගලන දොළේ ජල පහරින් දිය බුං හඬ ...............නැගුනා
මලක මෙලෙක සොයන බඹරු මල් සුවඳට ........ඇදුනා
පවන හෙමින හමා ඇවිත් ගතතේ වෙහෙස ........නිවුනා
ගලන දොළේ ජල පහරින් දිය බුං හඬ ...............නැගුනා
මලක මෙලෙක සොයන බඹරු මල් සුවඳට ........ඇදුනා
සුරංගනා ලොවෙන්
ආව රෝස මලක් ........වාගෙයි
රෝසපාට සිඟිති දෑත් අල්ලන්නට .............ලෝබයි
දසන් නොමැති මුව විදහා හිනැහෙනවිට .......ආසයි
මගේ පුංචි මල් කැකුළට තෙරුවන්ගෙම ........පීටයි
රෝසපාට සිඟිති දෑත් අල්ලන්නට .............ලෝබයි
දසන් නොමැති මුව විදහා හිනැහෙනවිට .......ආසයි
මගේ පුංචි මල් කැකුළට තෙරුවන්ගෙම ........පීටයි
39. මී නම් ඡන්දසට අයත් "දිගහුරු" නම් විරිත.
පාදයක මාත්‍රා
ගණන 23කි.
(මාත්‍රා 23 සහ 24
අයත් වන්නේ හිරු ඡන්දසට වුවත් දිගහුරු විරිත එලු සඳස් ලකුණෙහි ඇතුළත් කර ඇත්තේ මී
නම් ඡන්දසටයි.)
ලඝු ගුරු
නියමයක් නැත.
මාත්‍රා 8න් 6න් සහ 9න් යතිය වේ.
හිරු ගොස් අවරට - අඩ අඳුරින - ලොව හෙමින් වැසෙනා
කුඹුරට ගිය අය - උදළු රැගෙන - ගෙයට පා තබනා
ගවයාද හෙමින - ඔහු පසුපස - මඩුවටම ඇදෙනා
අම්මා හනිකට - මිදුලේ ඇති - දර එකතු කරනා
කුඹුරට ගිය අය - උදළු රැගෙන - ගෙයට පා තබනා
ගවයාද හෙමින - ඔහු පසුපස - මඩුවටම ඇදෙනා
අම්මා හනිකට - මිදුලේ ඇති - දර එකතු කරනා
40. මී නම් ඡන්දසට අයත් "පමදා" නම් විරිත.
පාදයක මාත්‍රා ගණන 25කි
"ජ" ගණයකින් හා ගුරකින්ද නැවත "ජ" ගණයකින් හා ගුරකින්ද නැවතත් "ජ" ගණයකින් හා ගුරකින්ද ඉන් පසු මාත්‍රා 7කින් එළිසමයද වේ.
ජ ගණය :- ල ගු ල − ᴗ −
අවසන් මාත්‍රා 7
xxxxxxx ලෙස දැක්වුව හොත් මාත්‍රා ප්‍රස්තාරය මෙලෙස වේ.
− ᴗ − ᴗ − ᴗ − ᴗ − ᴗ − ᴗ xxxxxxx
− ᴗ − ᴗ − ᴗ − ᴗ − ᴗ − ᴗ xxxxxxx
අළුත් විරිත් ලියන්න නම් හිතේ ඇඳෙන්නම වෙනවනේ
බොහෝ වෙලා ගියත් අනේ කුමක්ද මේ ගැලපි එන්නේ
තවත් ඉතින් කෙසේද මන් කවක් ගොතන් ඔබට දෙන්නේ
ගෙවී ගියා වෙලාව දැන් මමත් මෙසේ ඉවත් වෙන්නේ
බොහෝ වෙලා ගියත් අනේ කුමක්ද මේ ගැලපි එන්නේ
තවත් ඉතින් කෙසේද මන් කවක් ගොතන් ඔබට දෙන්නේ
ගෙවී ගියා වෙලාව දැන් මමත් මෙසේ ඉවත් වෙන්නේ
උදෑසනින් සුළං
රොදක් පවන් සලයි සිසිලස ..........කවා
කුරුල්ලනුත් පියාඹමින් සෙමින් ඇදේ අසිරිය .........මවා
ගසුත් වැලුත් මලින් පිරේ වනේ පුරා සුවඳත් ........පොවා
විලුත් පිරී ගලයි ජලේ ප්‍රබෝධයෙන් සරතැස ..........නිවා
කුරුල්ලනුත් පියාඹමින් සෙමින් ඇදේ අසිරිය .........මවා
ගසුත් වැලුත් මලින් පිරේ වනේ පුරා සුවඳත් ........පොවා
විලුත් පිරී ගලයි ජලේ ප්‍රබෝධයෙන් සරතැස ..........නිවා
41. මී නම් ඡන්දසට අයත් නුපුන් සඳ නම් විරිත.
පාදයක මත් ගණන 26කි.
මාත්‍රා 18කට පසුව ගුරු 2ක් සහ පාදාන්තයේ නැවතත් ගුරු 2ක් යෙදේ.
මාත්‍රා 22කින් පාද මධ්‍ය යතිය යෙදේ.
අහසේ කළු
වළාකුලක් සඳ වහගෙන ආවා - පාවී
සුළං රොදක්
ඇවිත් හෙමින් එළියෙන් ලොව නාවා - යාවී
සේපාලික මල්
සුවඳක් ගත වටකර ගාවා - පේවී
පෙම් යුවළක්
හඳපානේ මිහිරි සිංදු කීවා - රෑවී
නගණ පසක් හා ර ගණ දෙකකුත් වේද, අවසන්හි ගුරකුත් වේද, එළියෙහි හෙවත් අවසන්හි විරාම දෙකක්ද යොදා බඳනා ලද ඒ වෘත්තය ගඟහැලි නම් වේ.
න ගණය :- ල ල ල − − −
ර ගණය :- ගු ල ගු ᴗ − ᴗ
ර ගණය :- ගු ල ගු ᴗ − ᴗ
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය පහත පරිදි වේ.
− − − − − − − − − −
− − − − − ᴗ − ᴗ ᴗ − ᴗ ᴗ
සූත්‍රයට අනුව විරාම 2ක් තැබිය යුතු බව කියා ඇතත් ඒ කවර තැන්හිදැයි හරියටම පැහැදිළි මදි.
සූත්‍රයට අනුව විරාම 2ක් තැබිය යුතු බව කියා ඇතත් ඒ කවර තැන්හිදැයි හරියටම පැහැදිළි මදි.
සඳස ෆයිල් වල ඇති ලිපියෙහි මෙසේ සඳහන් වේ.
*ඇතැම් සංස්කරණවලට අනුව (මැහැදුරු ආන්නද කුලසූරිය මහතා ලියූ සිංහල සාහිත්‍යය 2 පොතෙහි) ගඟහැලි විරිතෙහි දෙවන ර ගණයේ මුල් ගුරෙහි සහ පාදාන්ත ගුරෙහි එළිසමය සහ යතිය තැබිය යුතුය.
ඒ අනුව මාත්‍රා ප්‍රස්තාරය මෙසේ විය යුතුය.
− − − − − − − − − −
− − − − − ᴗ − ᴗ ᴗ / − ᴗ ᴗ
ගඟ ගලන ජලය
මුහුද වෙතට ඇදෙයි බලන්නේ - දකින්නේ
සඳ අඳුර මකන රැයක නොවෙද බලා හිඳින්නේ - තොසින්නේ
බඳ නළව යනෙන මියුරු ගමන ඉතා හැඩයිනේ - අගෙයිනේ
ඔබ දකින විටම සිතට නැගුන කවයි පුරන්නේ - ලියන්නේ
සඳ අඳුර මකන රැයක නොවෙද බලා හිඳින්නේ - තොසින්නේ
බඳ නළව යනෙන මියුරු ගමන ඉතා හැඩයිනේ - අගෙයිනේ
ඔබ දකින විටම සිතට නැගුන කවයි පුරන්නේ - ලියන්නේ
43. "මදු"
නම් ඡන්දසට අයත් "පුණු අතිපුණු" විරිත
පාදයක මත්
ගණන 28කි.
විශේෂ ලඝු
ගුරු නියමයක් නැත.
එම නිසා අපට
සිතැඟි පරිදි මාත්‍රා ගණන 28ක් වන පරිදි ලඝු හා ගුරු අකුරු භාවිත කළ හැකිය.
කරදිය ගැඹරේ
රළ හා යුදවැද වෙරළ බලා ...................පැදයනවා
අඹුදරු රැකුමට මින්රල පොදිබැඳ අළුයමදී ................ගොඩයනවා
හැන්දෑ කළුවර ගෙටඑන මොහොතෙදි ඔරුව තුලට ....ගුලිවෙනවා
ගතේ සවිය දිය නොවන තුරාවට හැමදාමත් .................එනයනවා
අඹුදරු රැකුමට මින්රල පොදිබැඳ අළුයමදී ................ගොඩයනවා
හැන්දෑ කළුවර ගෙටඑන මොහොතෙදි ඔරුව තුලට ....ගුලිවෙනවා
ගතේ සවිය දිය නොවන තුරාවට හැමදාමත් .................එනයනවා
හැම විටම මෙම ලිපි පෙළ අධ්‍යනයට උනන්දු වන්නෙමි.බොහෝ ප්‍රයෝජන ගත්තෙමි.සැබවින්ම අගනා කාර්යයකි.
ReplyDeleteමාත්‍රා 24 කියන නම කුමක් ද?
ReplyDeleteඅගනා කාව්‍යකරණයට මෙය බෙහෙවින්ම උපකාරක් වනු ඇත හුදී ජන පහන් සංවේගයට අත්වැලක් වනු නොඅනුමානය බෙහෙවින්ම පිං කවුරුත් භාවිතා කරන සමාජජාලා වලට මෙවන් දෑ එකතු කරන්නේ නම් මැනවි...තෙරුවන් සරණයි ඔබතුමාට
ReplyDeleteමාත්‍රා 19 විරිතට කියන නම මොකක්ද
ReplyDelete